(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ අංශවල සේවය කරන 1500ක් පමණ වන අනියම්, ආදේශක හා තාවකාලික හා කොන්ත්රාත් සේවකයින් සේවයේ ස්ථිර නොකර, අලුතින් සේවක පිරිසක් බඳවා ගැනීමට සූදානමක් ඇති බැවින් එසේ සිදු කළහොත් දුම්රිය වර්ජනයක් සිදු කරන බව දුම්රිය වෘත්තීය සමිති නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.
මේ වන විටත් දැන්වීම් පල කරමින් නව පත්වීම් සඳහා කැඳවීම් සිදු කරනු ලබන බව කියැවෙයි.
මෙමගින් වසර 05 කට අධික කාලයක් දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ අංශවල සේවය කරන 1500ක් පමණ වන අනියම්, ආදේශක හා තාවකාලික හා කොන්ත්රාත් සේවකයින්ට ඉන් බරපතළ හානියක් සිදුවන බව අවාධරණය කෙරෙයි.
ඒ අනුව අනියම්, ආදේශක හා තාවකාලික හා කොන්ත්රාත් සේවකයින් සේවයේ ස්ථිර නොකර, දේශපාලන පත්වීම් මඟින් අලුතින් සේවක පිරිසක් බඳවා ගැනීම සිදු කළහොත් එය දුම්රිය වර්ජනයකට අත වැනීමක් බව වෘත්තීය සමිති සිය නිවේදනය මගින් වැඩි දුරටත් අවධාරණය කර තිබේ.








