FAST NEWS

24×7 Around the Globe

අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා හෙට (12) කොප් කමීටුව හමුවට

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  මහපොළ අරමුදල යටතේ පැවති ලංකාවේ ප‍්‍රධානම තොරතුරු තාක්ෂණ උපාධි පිරිනමන ආයතනය වන මාළඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය පෞද්ගලිකරණය සම්බන්ධයෙන් කරුණු විමසීමට, අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාව හෙට (12) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට කැඳවීමට එම සභාව තීරණය කර ඇත.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා කෝප් කමිටුට හමුවට කැඳවන්නේ අගවිනිසුරු නිලය අනුව නොව මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ සභාපතිවරයා ලෙස එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු සුනිල් හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.