FAST NEWS

24×7 Around the Globe

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා මේ මස 24 – 27 අනුරාධපුරයේදී

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය මේ මස 24 සිට 27 දක්වා පුරා දින හතරක් අනුරාධපුරය වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙහෙයවන නව ව්‍යවසායකයින් දස ලක්ෂයක් බිහි කිරීමේ වැඩපිළිවෙළට සහ වසර 2025 දී පොහොසත් රටක් බිහි කිරීමේ දැක්මට උතුරුමැද පළාතේ පිරිස් වැඩි වැඩියෙන් එක්කර ගැනීමට මෙවර ප්‍රදර්ශනය තුළින් රජය බලාපො‍‍රොත්තු වෙයි.

මෙහිදී ව්‍යාපාරයක් ඇරඹීමට අවශ්‍ය මූලික කරුණු එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රම පිළිබද දැනුම්වත් කිරීම සහ එම ණය ලබා ගැනීමට ඇති බාධා ඉවත් කිරීමේ ජංගම සේවාවක්ද මෙම දින 04 තුළ ක්‍රියාත්මක කරනු ඇත.

මේ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ සෑම බැංකුවකම ප්‍රධානීහු හා බලයලත් නියෝජිතයෝ එක්ව ජනතාවට තම සේවාව සපයනු ලැබේ.