(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජුලි මස 05 වනදා සිට දිවයින පුරා සිදු කරන ලද විශේෂ රථවාහන මෙහෙයුමින් බීමත් රියදුරන් 2037 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
අදාළ මෙහෙයුමේ දී ඊයේ (10) පෙරවරු 6.00 සිට අද (11) පෙරවරු 6.00 දක්වා පැය 24 ක් තුළදී පමණක් බීමත් රියදුරන් 274 ක් අත්අඩංගුවට පත්ව ඇත.








