(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සදහා හිතකර වායුගෝලීය තත්ත්වයන් තවදුරටත් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (11) පෙරවරු නිකුත් කළ නිවේඳයෙහි සඳහන් වෙයි.
සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දිවයිනේ සෙසු ප්‍රදේශ වල තැනින් තැන සවස 2.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.
ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව එම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වෙයි.








