FAST NEWS

24×7 Around the Globe

මොරටුව සරසවියේ හදිසි ගින්නක්

 

( ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය තුළ හදිසි ගින්නක් හටගෙන ඇතැයි මොරටුව මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සදහන් කළේය.

ගින්න ඇති වන අවස්ථාවේදී සිසුන් කිහිපදෙනෙකු එම ස්ථානයේ සිට ඇතත් ඔවුන් පිටතට පැන දිවි බේරාගෙන ඇත.

බැටරි කිහිපයකින් විදුලිය කාන්දු වී මෙම ගින්න හටගෙන ඇතැයි ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් පැවසීය.