මිල සුත්‍රය අනුව ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ යාමේ වාසිය පාරිභෝගිකයින්ට ලබා දෙමින් තෙල් මිල පහත දැමීමට රජය තීරණය කරයි.
ඒ අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය වේ.
මිල අඩුවීමට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් 2කින් පහත දමා තිබේ.ඒ අනුව රුපියල් 138ක් ව පැවති එහි නව මිල රුපියල් 136කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 5කින් පහළ ගොස් තිබේ. රුපියල් 164ක් වූ එහි දැන් මිල රුපියල් 159කි.
සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 131ක් වන්නේ පැවති රුපියල් 136 මිල රුපියල් 5කින් පහත දැමීමෙනි.
ඔටෝ ඩීසල් ලීටරයක මිල වෙනසක් වී නොමැත.






