FAST NEWS

24×7 Around the Globe

බි‍්‍රතාන්‍ය ගුවන් සේවයට අයත් යානයක් හදිසියේ ගිනි ගනියි.(වීඩියෝ)

ලන්ඩනය බලා ගමන් කරමින් තිබු බි‍්‍රතාන්‍ය ගුවන් සේවයට අයත් යානයක් හදිසි ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ අදාළ යානය ලාස්වේගාස් ගුවන් තොටුපලේ නවතා තිබිය දී ගින්න හටගෙන ඇති බවයි.

එම අවස්ථාවේ දී එහි මගීන් 172 දෙනෙකු ගමන් කරමින් සිට තිබෙනවා. ගුවන් යානයේ වම්පස එන්ජිමේ ඇතිවු හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවයි දැනට සිදුකෙරෙන විමර්ශනවලදී අනාවරණ වී තිබෙන්නේ.

ගින්න ඇතිවීමත් සමගම එහි සිටි මගීන් නිරුපද්‍රිතව යානයෙන් ඉවතට ගෙන තිබෙනවා. කෙසේවෙතත් මගීන් කිහිපදෙනෙකුට සුළු තුවාල සිදුව ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

වීඩියෝව මෙතිනින් බලන්න 123