FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවෙන් සරම්ප තුරන් කරයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර තිබේ.

දකුණු හා ගිනිකොණදිග ආසියා කලාපයේ සරම්ප රෝගය තුරන් කළ සිවුවැනි රට වන්නේ ලංකාවයි.

වත්මන් ලෝකයේ සරම්ප රෝගය වැළදි රෝගීන්ගේ ඉහළ යෑමක් වාර්තාවන අවස්ථාවක ලංකාව සරම්ප රෝගය තුරන් කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු හා ගිනිකොණ දිග ආසියා කලාපයේ අධ්‍යක්ෂිකා පූනම් සිං මහත්මිය සඳහන් කරන්නීය.

ශ්‍රී ලංකාවේ සරම්ප රෝගියෙක් අවසන් වශයෙන් වාර්තා වී ඇතේතේ 2016 වසරේ මැයි මාසයේදීය.

මීට පෙර භූතානය, මාලදිවයින හා නැගෙනහිර ටිමෝර්ය මෙම කලාපය තුළ සරම්ප රෝගය තුරන් කළ රටවල් ලෙස නම්කර තිබේ.