(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පසුගිය ජනාධිපතිවරණ සමයේ සිල් රෙදි බෙදා හරිමින් රුපියල් මිලියන 600ක මුදලක් සාවද්‍ය පරිහරණය කලැයි නඩුවට අදාළව
ඇප මත මුදාහැර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට එම දඩුවම්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ අභියාචනය සම්බන්ධයෙන් විවාදය ඔක්තොම්බර් මස 11 පැවත්වීමට අභියාචනාධිකරණය නියෝග කළා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබූ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විත්තිකරුවන් අදාළ චෝදනාවලට වරදකරු කොට වසර තුන බැගින් සිර දඩුවම් නියම කරනු ලැබුවේය.








