(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබෙන විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පාර්ලිමේන්තුවේදී රැස්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම ඒකමතිකව තීරණය කොට තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරය මුලික කොට ගනිමීන් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරිමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළේය.
ඒ අනුව එම විශ්වාසභංගය අද (10) හා හෙට (11) දිනයන්හි විවාදයට ගැනේ.








