(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආණ්ඩුවටත් එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය සුළු මොහොතකට පෙර ආරම්භ විය.
විවාදය ආරම්භ කරමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අදහස් දක්වමින් සඳහන් කළේ වත්මන් ආණ්ඩුව වෙනුවට නව ආණ්ඩුවක් පත්කර ගැනීමට ජනතාවට දැන් අවශ්‍ය වී ඇති බවයි.
මෙම විශ්වාසභංගය පිළිබඳ විවාදය අද සහ හෙට පැවැත්වීමට නියමිතව ඇත.








