FAST NEWS

24×7 Around the Globe

මහනුවර දළදා මාළිගාවේ දියවඩන නිලමේ තනතුර නැවතත් ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාරට.

ඓතිහාසික මහනුවර දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයා ලෙස නැවත වරක් ප්‍රදීප් නිලංග දෑල මහතා තේරී පත්ව තිබේ. ඒ මහතා එම තනතුරට තේරීපත්ව ඇත්තේ මනාප 205ක් ලබා ගනිමිණි.

බෞද්ධ කටයුතු කොමසාරිස් චන්ද්‍රප්‍රේම ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) සෙංකඩගල බෞද්ධ මන්දිරයේ දී ඡන්ද විමසීම පැවැති අතර අවසන් අවස්ථාව වන විට ප්‍රදීප් නිලංග මහතා සමග මහනුවර නාථ දේවාලයේ බස්නායක නිලමේවරයා වන ගයාන් හීන්කෙන්ද මහතා හා හිටපු දියවඩන නිලමේවරයෙකු වන නෙරංජන් විජේරත්න යන මහත්වරු දියවඩන නිලමේ තනතුරට තරග කළහ.

ඒ අනුව ඉදිරි දස වසරක ඓතිහාසික මහනුවර දළදා මාළිගාවේ ගිහි භාරකාරත්වය ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් දරනු ලැබේ.