FAST NEWS

24×7 Around the Globe

අධිවේගයේ කඩවත සිට කෙරවලපිටිය දක්වා කොටස සැප්තැම්බරයේ විවෘත වෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත සිට කෙරවලපිටිය දක්වා කොටසේ ඉදිකිරීම් සැප්තැම්බර් මාසය වනවිට අවසන් කිරීමට හැකිවනු ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත සිට කෙරවලපිටිය දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු 2016 ජනවාරි 01 වැනිදා ආරම්භ කරනු ලැබීය.

අධිවේගී මාර්ගය කිලෝමීටර 9.6 ක දිගකින් යුක්ත වන අතර, එහි කිලෝමීටර් 6.3 ක ප්‍රමණයක් උස් කුළුණු මත ඉදිකර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට වෙන්කර ඇති සමස්ත වටිනාකම රුපියල් බිලියන 66.7ක්.

මෙම අධිවේගී මාර්ගය හරහා කොට්ටාව – මාතර (E-1) අධිවේගී මාර්ගය සහ කොළඹ – කටුනායක (E-3) අධිවේගී මාර්ග සම්බන්ධ වීම සිදුවේ.