FAST NEWS

24×7 Around the Globe

ජවිපෙ විශ්වාසභංගය අද (10) සහ හෙට (11) විවාදයට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද (10) සහ හෙට (11) විවාදයට ගැනීමට නියමිතව ඇත.

මෙම විශ්වාසභංග යෝජනාවට සහය දීමට තම මන්ත්‍රී කණ්ඩායම තීරණය කළ බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද දිනයේදී රැස්වී මීට සහය ලබාදීම සම්බන්ධයෙන් තීරණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ආණ්ඩුව පවසන්නේ තමන් විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කරන බවයි.