FAST NEWS

24×7 Around the Globe

නීතිවිරෝධී ලෙස ඇමෝනියා කිලෝ 150ක් ප්‍රවාහනය කළ පිරිසක් අත්අඩංගුවට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රත්නපුර ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වැටලීමකට අනුව නීතිවිරෝධී ලෙස ඇමෝනියා රසායනිකය කිලෝග්‍රෑම් 150 කට අධික ප්‍රමාණයක් බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් සිව් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තිදෙනෙක් එම බස් රථයේ රියදුරා සහ සහයකයින් දෙදෙනෙකු බවත් පොලිසිය පවසයි.

සැකකරුවන්ගෙක් සිදුකරන ලද ප්‍රකාශවලදී ඔවුන් පවසා ඇත්තේ ගල් කොරියකට අදාළ ඇමෝනියා තොගය ප්‍රවාහනය කළ බවයි.

නමුත් ඊට අදාළ බලපත්‍ර එම අවස්ථාවේ ඔවුන් සතුව තිබී නොමැති බව පොලීසිය ප්‍රකාශ කරයි.