(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අද (09) පස්වරු 02 සිට හෙට (10 පස්වරු 02 දක්වා ක්‍රියාත්මක වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි හා ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
සබරගමුව, මධ්‍යම, බස්නාහිර හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බව එම නිවේදනයෙහි සඳහන් වෙයි.
බස්නාහිර හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වර්ෂාපතනයක්ද සෙසු ප්‍රදේශවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වර්ෂාපතනයක්ද ඇතිවිය හැකි බව හෙට (10දා) පස්වරු 2.00 දක්වා වලංගු වන පරිදි නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් සඳහන් වෙයි.









