FAST NEWS

24×7 Around the Globe

හේමසිරිට හා පුජීත්ට ඇප දීමට එරෙහිව නීතිපති දෙපාර්තුමේන්තුවෙන් අභියාචනයක්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට හා  අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ඇප ලබාදීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (09) දිනයේ දුන් නියෝගයට එරෙහිව අභියාචනාධිකරණයේ ඇපෑලක් ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව එම දෙපාර්තුමේන්තු ආරංචි මාර්ග පවසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම හා එහි බලපෑම අඩු කර ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් දෙදෙනා අද (09) දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත නිදහස් කෙරුණි.