FAST NEWS

24×7 Around the Globe

සහරාන් සමඟ පුහුණුවිම් ලැබු නසීර් ත්‍රස්ත විමර්ශන ඒකකයට භාර දෙයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම් සමග නුවරඑළිය බ්ලැක්පූල් ප්‍රදේශයේදී පුහුණුවිම් ලබා සිටි නිකවැරටිය රස්නායකපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් නිකවැරටියේ පදිංචි රාජ් ගෝපාල් මුදියන්සේලාගේ ස්මයිල් මොහොම්මදු නසීර් (41) නැමති සැකකරු ත්‍රස්ත විමර්ශන ඒකකයට භාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මව්ලවිවරයෙක් ලෙස සැලකෙන අදාළ සැකකරු පසුගිය මැයි 01 දා නිකවැරටිය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු නිකවැරටිය පොලිස් ස්ථානයේ රඳවා තබාගැනීමෙන් අනතුරුව ඊයේ (08 ) වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩි දුරටත් කියයි.