(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලික සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යය බලා පිටත්ව ගිය බවත් ඒ හේතුවෙන් සංචාරයට පෙරාතුව මෙම පත් කිරිම සිදු කළ බවද පැවසේ.
සිය පුතාගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා ජනාධීපතිවරයා මෙම සංචාරයේ නිරත වන බවත් කියැවේ.








