FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය පිළිබඳ අවසන් තීන්දුවට ශ්‍රීලනිපය රැස්වෙයි

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණු විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය ලබාදීම සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට එළඹීම සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය අද (09) රාති‍්‍ර පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීරගේ කොළඹ පිහිටි නිවසේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව එම පක්ෂ ආරංචි මාර්ග කියයි.

අදාළ විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය භාවිත කරන බවට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය මේ වනවිටත් ප‍්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට එළඹීම සඳහා මෙම සාකච්ඡාවේ අරමුණ වි ඇති බව පැවසේ.