(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු රුපියල් ලක්ෂ 05 බැගින්වන ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(09) නියෝග කළාය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් ලෙස නම් කෙරුණු පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු හේමසිරි ප්‍රනාන්දු මහතා පසුගිය තුන්වනදා සිට අද (09) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.








