(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙරොයින් සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන අංශය සමත්ව තිබේ.
ඊයේ (08) රාත්‍රියේ කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ වෑකන්ද පාර, ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 05 යි මිලිග්‍රෑම් 520 ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගෙන සිටි වයස අවුරුදු 27 ක තරුණියක් අත්අඩංගුවට පත්වී ඇත.
සැකකාරිය අද (09) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
කොම්පඤ්ඤවීදිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.








