FAST NEWS

24×7 Around the Globe

කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 10 ක ජල කප්පාදුවක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කළුතර අල්විස් පෙදෙස ජලාශයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන්, කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (09) පෙරවරු 10 සිට රාත්‍රී 08 දක්වා පැය 10 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව, ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුරු, කළුතර දකුණ, කටුකුරුන්ද, නාගොඩ ඇතුළු ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවේ.