( ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලංකා විදුලිබල මණ්ඩලට ඉන්ධන ලබාදීම ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අත්හිටුවා ඇති හෙයින් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පැයක පමණ විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කර සිටියි.
ඉන්ධන සැපයීම අත්හිටුවීම හේතුවෙන් තාප බලාගාර ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් නොලැබෙන බවත්, එහෙයින් මෙගා වොට් 150 ක විදුලියක් නිෂ්පාදනය කිරිමට නොහැකි විම මීට හේතුව බව එම නිවේදනයෙහි සඳහන් වෙයි.
කෙසේ වෙතත් මෙම ගැටලුව විසඳීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් අද (09) පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.








