(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ෂරියා නීතිය යටතේ පුද්ගලයන් 20 දෙනෙකු ඝාතනය කර ඇති බවට පසුගිය ජූලි මස 04 වැනිදා පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් සිදු කළ අනාවරණයක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන අරම්භ කර තිබේ.
ඒ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මාධ්‍ය වෙත පැවසීය.








