(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාසල්වල සිංහල හා දෙමළ භාෂා ඉගැන්වීම සදහා එම භාෂා දෙකේම ප්‍රවීණත්වය ඇති ගුරුවරුන් 1300 ක් පුහුණු කිරීම මේ දිනවල සිදු කෙරෙන බව ජාතික අධ්‍යාපන හා පුහුණු ආයතනයේ සභාපති ආචාර්ය ටී.එම්.ටී.බී. තෙන්නකෝන් මහතා ගුවන් විදුලි වැඩසටහනකට එක්වෙමින් පැවසීය.
ඉදිරියේ දී තවත් ගුරුවරුන් දහසක් ඒ සදහා පුහුණු කිරීමට නියමිත බවත් , 06 වැනි ශ්‍රේණියේ සිට 09 වැනි ශ්‍රේණිය දක්වා සිංහල හා දෙමළ භාෂා දෙකම ඉගැනීම අනිවාර්යය කර ඇතත් එම භාෂා ඉගැන්වීම සදහා පුහුණු ගුරුවරුන් නොමැති වීම අඩුවක් පවත් තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසුවේය.








