FAST NEWS

24×7 Around the Globe

උප නගරාධිපති නිදහස් කර ගැනීමට ස්ථානාධිපතිට අල්ලස් දීමට යාමේදි අල්ලසට කොටුවෙයි.

සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිට ලක්ෂ 15ක අල්ලසක් දීමට තැත්කළ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද දහවල් මෙය සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.

වත්තල ව්‍යාපාරිකයෙකු ඝාතන සිද්ධියකට දැනට රිමාන්ඩ් භාරයේ සිටින වත්තල හිටපු උප නගරාධිපති නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය සහය ගැනීමට මහර බන්ධනාගාර රථ ගාලේදී රුපියල් ලක්ෂ 15ක මුදලක් ලබාදෙන විටදී අල්ලස් කොමිසමේ නිලධාරින් අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු නගරාධිපතිගේ මස්සිනා කෙනෙකු හා තවත් අයෙකි.

ඔවුන් රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ලබාදීමට තැත් කර ඇත්තේ සපුගස්කන්ද පොලිසියේ ප්‍රධාන පරීක්ෂක පී.ජී.එස්.ආර්.සංජීව මහතාටය.

ඒ අනූව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව අප වාර්තාකරු පැවසීය.