FAST NEWS

24×7 Around the Globe

වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවක කරුපයියා යළි රිමාන්ඩ්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ඉබ්‍රාහිම් මොහොමඩ් ඉන්සාබ් නැමැත්තාට අයත් පැවසෙන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කම්හලේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගන්නා ලද රාජේන්ද්‍රන් කරුපයියා හෙවත් අබ්දුල්ලා නැමති සේවකයා තවදුරටත් ලබන 15 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (08) නියම කළේය.

එම සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව ත්‍රස්ත මර්දන කාර්යාංශයේ අධිකරණයට දන්වා සිටිම මත එම සලකා බලා අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව සැකකරු ලබන 15 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අධිකරණය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන්ද නියම කළේය.

මෙම තඹ කම්මලේ සේවය කළ තවත් සේවකයින් නව දෙනෙකු ද පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් මේ වන විට අධිකරණය මඟින් ඇප මත මුදාහැර සිටිති.