(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පසුගිය 04 වනදා ගාල්ල – අක්මීමන – මානවිල උපනන්ද කනිෂ්ඨ විද්‍යාලය තුළදී පාසලේ ආරක්ෂාවට සිටි යුද හමුදා සෙබලෙකු විසින් සිදුකරන ලද සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අදාළ සෙබළා වරදක් සිදුකර නොමැති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබේන බව යුද හමුදාව පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විධිමත් පරීක්ෂණයක් සිදුකරන බව යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේය.
මේ වන විට අත්අඩංගුවට ගත් සැකකාර සෙබලා බූස්ස යුද හමුදා කඳවුර භාරයේ රදවා සිටින බවත් වාර්තා වෙයි.
එම පාසලට බලහත්කාරයෙන් ඇතුලුවීමට උත්සහ කළ තිදරු පියා සහ අදාළ හමුදා සෙබළා අතර බහින්බස්වීමක් සිදුවී ඇති අතර , පසුව හමුදා සෙබලා විසින් අදාළ පුද්ගලයාට එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයෙන් ඔහු ජීවිතක්ෂයට පත්විය.








