FAST NEWS

24×7 Around the Globe

භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල් ධූරයක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල ධූරයට කේ.ඩී.ආර් ඔල්ගා මහත්මිය පත්කර තිබේ.

ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් වන ඇය මීට පෙර රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරය දරනු ලබුවාය.

රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ආර්. එම්. ඒ රත්නායක මහතා පත් කර ඇති බව ද මුදල් අමාත්‍යාංශය සදහන් කළේය.