FAST NEWS

24×7 Around the Globe

මුහුදේදී විපතට පත් පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනී

(ෆාස්ට්නිව්ස්|යාපනය) – යාපනය අර්ධද්වීපයේ පිහිටි කරප්පන් සිට අනලතිව් දූපත බලා මගීන් ප්‍රවාහනය කරමින් සිටි මගී ප්‍රවාහන යාත්‍රාවක් ආපදාවට පත් වීම හේතුවෙන් එහි සිටි පුද්ගලයින් දස දෙනෙකු (10) බේරාගෙන ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව ඊයේ (05) රාත්‍රියේදී කටයුතු කර ඇත.

ඒ අනුව, කරප්පන් සිට අනලතිව් දූපත බලා මගීන් ප්‍රවාහනය කරමින් සිටි මෙම මගී ප්‍රවාහන යාත්‍රාව කරප්පන් සිට නාවික සැතපුම් 1.5 ක පමණ දුරක දී එම යාත්‍රාවේ අවරපෙත්තේ ලණුවක් පැටලීම හේතුවෙන් මෙලෙස ආපදාවට පත්ව ඇති බවට නාවික හමුදාවට කළ දැනුදිමකට අනුව වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව උතුරු නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවක් සහ ඩිංගි යාත්‍රාවක් එම ස්ථානයට වෙත පිටත් කර යැවීමට කටයුතු කර ඇත.

නාවික හමුදා යාත්‍රාවන් කඩිනමින් එම ස්ථානය වෙත ලඟා වූ අතර, ආපදාවට පත් මගීන් අටදෙනෙකු, එම යාත්‍රවේ අයිතිකරු සහ ඔහුගේ සහයකයා ඇතුළු දස දෙනෙකුගෙන් යුත් පිරිසක් බේරාගෙන ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කර ඇත.