FAST NEWS

24×7 Around the Globe

විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි උපදෙස්

(ෆාස්ට්නිව්ස්| කොළඹ) – විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් අඩු වී ඇති බව විදුලි බල හා පුනර්ජනණිය බල ශක්ති අමාත්‍යංශය පවසයි.

ඒ දිවයිනට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙනි.

ඒ හේතුවෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේදි දැඩි අභියෝගයක් එල්ල වන බව එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.

එම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.