FAST NEWS

24×7 Around the Globe

වැල්ලම්පිටිය ,අඹතලේ ,තොටළඟ මාර්ගයේ රථ වාහන් ධාවනයට සීමා

(ෆාස්ට්නිවුස්| කොළඹ) –  වැල්ලම්පිටිය ,අඹතලේ ,තොටළඟ මාර්ගයේ සැප්තැම්බර් මස 30 වනදා දක්වා වාහන ගමනාගමනයට අවහිරතාවක් ඇති විය හැකි බව පොලීසිය දැනුම් දෙයි.

ඒ කළු පාලමේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙනි.

එහිදී අඹතලේ , තොටළඟ මාර්ගයෙන් පැමිණ කොහිලවත්ත හන්දියෙන් හරවා පරණ අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ ඔරුගොඩවත්ත මංසන්ධියට පැමිණිය හැකි බව ද පොලිසිය නිවේදනය කරයි.

ඊට අමතරව තවත් විකල්ප මාර්ගයක් ලෙස අඹතලේ – තොටළඟ මාර්ගයේ පැමිණ කටුපැලැල්ල මාර්ගයෙන් පරණ අවිස්වේල්ල මාර්ගය ඔස්සේ ඔරුගොඩවත්තට පැමිණීමට හැකි බවද පොලිසිය  කරයි.