(ෆාස්ට්නිව්ස්| කොළඹ) – නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අධිකරණය, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දෙයි.
කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් එම අවසරය ලබාදී ඇත්තේ නාරාහේන්පිට රෝහලට ගොස් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙසයි.
පොලිස් මූලස්ථානයේ සෝපාන ක්‍රියාකරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයෙකුට 2017 වසරේදී සාපරාධි බලහත්කාරය පෑම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාලව එම ප්‍රකාශය ලබා ගැනීමට නියමිතය.








