FAST NEWS

24×7 Around the Globe

සෝෆා අත්සන් කිරීමෙන් අමෙරිකානු හමුදාවට ඕනෑම අවස්ථාවකදී මෙරටට ඇතුළු විය හැකියි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ)  – අමෙරිකාව සමඟ සෝෆා ගිවිසුම අත්සන් කිරීම මඟින් අමෙරිකානු හමුදාවට ඕනෑම අවස්ථාවකදී ශ්‍රී ලංකාවට ඇතුළු විය හැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පවසා තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයින් පිරිසක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ (05) පස්වරුවේකොළඹ විජේරාම නිල නිවසේදී පැවැත්වුණූ හමුවේදි එ මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

වත්මන් රජය අමෙරිකාව සමඟ අස්සන් කිරීමට සැරසෙන සෝෆා, ඇක්සා සහ මිලේනියම් කෝපර්ෂන් යන ගිවිසුම් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මෙම සාකච්ඡාව හමුව සිදුවුනු බව විපක්ෂ නායක කාර්යාල ආරංචි මාර්ග කියයි.

කෙසේ වෙවත් ප්‍රකාශයක් නිකුත් කරමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ මෙවැනි ගිවිසුමකට අස්සන් කිරිමට මෙරට රජය සුදානමක් නොමැති බවය.