FAST NEWS

24×7 Around the Globe

රුහුණු විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශ යළිත් රාජකාරිය අරඹයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුහුණු විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශ එහි ප්‍රධාන දොරටුවේ රාජකාරී කටයුතු සිදුකිරීම යළිත් ආරම්භ කර තිබේ.

ඊයේ (04) දිනයේ එම විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශ සිදුකරන ගමන් මළු පරීක්ෂා කිරීමේ කටයුතු සාධාරණව සිදු නොවන බව පවසා සිසුන් පිරිසකගෙන් එල්ල වූ විරෝධය හමුවේ එම රාජකාරීවලින් ඉවත් වීමට එහි ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණි.

ඉන් පසුව අදාළ අංශ සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම ගැටළුව විසඳීමට පියවර ගත් බව එම විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපතිවරයා ප්‍රකාශ කර සිටියේය.