FAST NEWS

24×7 Around the Globe

දැරණියගල හිටපු සභාපති චම්පික විජේසිංහට වසර 24 ක සිරදඬුවම් නියම වෙයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  නූරි වතුඅධිකාරී ඝාතනය චෝදනාවට වැරදිකරු වී මරණ දඬුවම නියම වී සිටින දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති චම්පික විජේසිංහ නොහොත් අතකොටා නැමැත්තාට වසර 24ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කිරිමට කොළඹ මහාධිකරණය අද (05) නියෝග කර තිබේ.

පුද්ගලයෙකුට වීදි රේඛා සහතිකයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 05 ක අල්ලසක් ඉල්ලීමේ චෝදනාවකට අදාළ අල්ලස් නඩුවක් සම්බන්ධයෙන් මෙම නියෝගය නිකුත් කෙරුණි.

එසේම චුදිතයාට තවත් රුපියල් 20000 දඬයක්ද, අල්ලස් ඉල්ලූ පුද්ගලයාට රුපියල් 25000ක වන්දි මුදලක්ද, තවත් ලක්ෂ 4ක දඬයක්ද නියම කළ බව අප අධිකරණ වාර්තාකරු කියයි.

මෙම දඬ මුදල් නොගෙවන්නේ නම් තවත් වසර 7ක සිර දඬුවමක්ද මහාධිකරණය විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියම කළේය.