(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ පසුගිය ජුනි 09 වැනිදා සිට ජුලි 02 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන ලද ගෙවීගිය සති තුනක කාලය තුළදී සිදුකළ වැටලීම්වලදී විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් 9,404 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
මීට අමතරව නීතිවිරෝධී මධ්‍යසාර හා බලපත්‍ර නොමැතිව මත්පැන් අලෙවි කිරීම යන චෝදනා යටතේ සැකකරුවන් 7,598 ක් අත්අඩංගුවට ගත් බවද හෙතෙම කීය.








