(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ පළාත් කීපයකට බලපා ඇති වියළි කාලගුණයත් සමග ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පාලනය වන වැව් 14,000 ක් සිඳී ගොස් තිබෙන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සදහන් කරයි.
වියළි කාලගුණය හේතුවෙන් මෙවර යළ කන්නයේ වී වගාව 10% කට සීමා කිරීමට සිදු වූ බව එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ ප්රධානී ප්රභාත් විතාරණ මහතා සඳහන් කළේය.
මේ තත්ත්වයත් සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු ජලාශ්ර 73 හි ධාරිතාව ද මේ වන විට පවතින්නේ 26% ක් ලෙසයි.
ප්රධාන මහවැලි ජලාශ්ර ගණනාවක ජල මට්ටම ද ශීඝ්රයෙන් පහළ යමින් ඇති බව මහවැලි අධිකාරිය සඳහන් කළේය.








