(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියේ බිඳවැටීම කඩිනමින් යථා තත්වයට පත් කිරිම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත්, එය කඩිනමීන් සිදු කරන බවද එම දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් වියානි ගුණතිලක මහතා ප්‍රකාශ කළේය.
ඒ සඳහා විශේෂ කණ්ඩායමක් ද අනුයුක්ත කර ඇති බව වියානි ගුණතිලක මහතා කියා සිටියේය.
පවතින දෝෂය හේතුවෙන් ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය අද (05) දිනයට පමණක් අවලංගු කිරීමට පියවර ගැණුන බව එම දෙපාර්තුමේන්තුව නිවේදනය කර සිටියේය.








