FAST NEWS

24×7 Around the Globe

මත්තල වී ගබඩා කිරිමේ සිද්ධියට අදාළව සැපයුම් කළමනාකරු ජනපති කොමිසමට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කටුනායක ගුවන්තොටුපොළේ පාලන හා සැපයුම් කළමනාකරු පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල සිදු වූ වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම හමුවට අද (05) කැඳවා ඇති බව එම කොමීසම කියයි.

මත්තල ගුවන්තොටුපොළේ වී ගබඩා කිරීමෙන් එහි තාක්ෂණික උපකරණවලට සිදු වූ හානිය සම්බන්ධයෙන් ගොනු කළ පැමිණිල්ලකට අදාළ ප්‍රකාශයක් ලබා ගැනිමට මෙම කැඳවිම කර තිබේ.

එසේම කොමිසමේ පොලිස් ඒකකය මත්තල ගුවන්තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවක්ද සිදු කර ඇති අතර ,වී ගබඩා කිරීමෙන් ගුවන්තොටුපොළේ තාක්ෂණික උපකරණ රැසකට හානි සිදුව ඇති බව එහිදී හෙළිවී ඇති බව පැවසේ.

2015 වසරේ සැප්තැම්බර් මාසයේ සිට 2016 මාර්තු මාසය දක්වා කාලය තුළ රුපියල් 850000ක කුලියක් ගෙවා ගුවන්තොටුපොළේ එක් පර්යන්තයක වී ගබඩා කෙරුණි.