(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් විසින් කුළි පදනම යටතේ භාවිතා කළ වෑන් රථයක් දැඩි ඇප කොන්දේසී මත මුදා හැරීමට කල්මුණේ මහේස්ත්රාත් අධිකරණය ඊයේ (03) නියෝග කර තිබේ.
ඒ අනුව අදාළ වෑන් රථය රුපියල් ලක්ෂයක 50ක මුදල් ඇපයක් මත නිදහස් කරන ලෙස කල්මුණේ මහේස්ත්රාත්වරයා නියෝග කර තිබේ.
මෙම වෑන් රථය කිසිදු පුද්ගලයෙකුට වීකිණිමට හෝ එම රථයේ කිසිඳු වෙනසක් කිරීමක් සිදු කිරීමට නොහැකි බවටද නියෝග කර ඇත.
වෑන් රථයේ හිමිකුරු දැනට විදේශ ගතව සිටින බැවින් අදාළ හිමිකරුගේ බිරිඳ විසින් ඊයේ (03) අධිකරණ වෙත පැමිණ මෙම වෑන් රථය රැගෙන ගොස් තිබේ.
සුදු ඇඳුම් කට්ටල තොගයක් සමඟ මෙම වෑන් රථය පසුගිදා මිරීගම ප්රදේශයේදී අත්අඩංගුවට ගත්තේය.
එමෙන්ම මෙම නඩුව අගෝස්තු මස 21 දා දක්වා කල් තැබීමට නියෝග කර තිබේ.








