(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මාකදුරේ මධූෂ් කළුතර ප්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධිය ඇතුළු අපරාධ කිහිපයක් ඩුබායි සිට මෙහෙයවූ බව මේ වනවිට අනාවරණ වී ඇති බව පොලිසිය සදහන් කරයි.
ඒ වගේම , පිලියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ට වෙඩි තැබිම , කොස් මල්ලී ඝාතනය මෙන්ම, මහරගම කෝටි 700 දියමන්ති කොල්ලය ද මාකදුරේ මධූෂ් ඩුබායි සිට මෙහෙය වූ බවට ද අනාවරණ වී තිබේ.








