FAST NEWS

24×7 Around the Globe

පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් පැහැරගැනීමේ සිද්ධිය ගැන විමර්ශන

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (04) පෙරවරුවේ මඩකලපුව – පුදූර් ප්‍රදේශයේ ඇතිවූ යම්කිසි සිද්ධියකදී පොලිස් නිලධාරියෙකුගේ රිවෝල්වරයක් පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

බලපත්‍රයක් නොමැතිව යතුරුපැදියක් ධාවනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන මඩකලපුව පොලීසිය වෙත රැගෙන එමින් සිටියදී මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

පොලිස් නිලධාරීන්ගේ යතුරුපැදියේ තවත් යතුරුපැදිකරුවෙකු ගැටී ඇති අතර, පසුව එම ස්ථානයට ප්‍රදේශවාසීන් පැමිණීමත් සමඟ ගැටුමක් හටගෙන තිබේ.

එම අවස්ථාවේදී පිරිසක් එක් පොලිස් නිලධාරියෙකු අත තිබූ රිවෝල්වරය පැහැරගෙන ගොස් තිබෙන අතර මේ වන විට අදාළ සැකකරුවන් හඳුනාගෙන තිබේ.

මඩකලපුව පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවීමෙන් ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.