(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව පත් කෙරුණු ජනාධිපති කොමිසම හමුවේ එවකට මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ, රවී කරුණානායක මහතා සම්බන්ධව සාක්ෂි ලබා දුන් අනිකා විජේසූරිය නැමැත්තියගේ සහෝදරයා වන ජයන්ත විජේසූරියට තර්ජනය කළේ යැයි කියන සිද්ධියේ, විත්තිකරුවකු ලෙස නම් කර සිටින ශනිල් නෙත්තිකුමාර නැමැත්තාට අද (04) කොළඹ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් අධි චෝදනා පත්‍ර භාර දී තිබේ.
ඉන් අනතුරුව විත්තිකරු රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කරමීන් විත්තිකරුගේ විදේශ ගමන් තහනම් කිරිමට කොළඹ මහාධිකරණය කටයුතු කළ බව අප අධිකරණ වාර්තාකරු කියයි.
මෙම නඩුව නැවත අගෝස්තු මස 09 වන දා කැඳවිම මහාධිකරණය නියම කර තිබේ.








