FAST NEWS

24×7 Around the Globe

කොස්තාපල්ට පහරදුන් ශාන්ත මන්ත්‍රීගේ පුත්‍රයාට ඇප

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අමාත්‍ය ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල්වරයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගේ පුත්‍රයා ඇප මත මුදා හැරීමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත්වරයා අද (14) නියෝග කර තිබේ

ඒ අනුව රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට නියෝග කර ඇත.

නඩුව වැඩිදුර විභාගය ලබන වසරේ පෙබරවාරි 12 වැනිදාට කල් තබා තිබේ.

ඇපයන්ට අමතරව සෑම ඉරූ දිනයකම හලාවත පොලිසියට වාර්තා කරන ලෙස දිසා විනිසුරුවරයා නියෝග කර තිබේ

මෙම සිද්ධියේ දි තුවාල ලද කොස්තාපල්වරයා ප්‍රතිකාර ලබා ගැනීම පිණිස හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබිණි.