FAST NEWS

24×7 Around the Globe

අක්මීමන පාසලකට බලහත්කාරයෙන් ඇතුළුවීමට ගිය පුද්ගලයෙක් වෙඩි ප්‍රහාරයකින් මරුට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අක්මීමන – මානවිල උපනන්ද කණිෂ්ඨ විද්‍යාලයට බලහත්කාරයෙන් ඇතුලුවීමට උත්සහ කළ දෙදරු පියෙකුට ආරක්ෂාවේ යොදවා සිටි හමුදා සෙබළෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් ඔහු මියගොස් ඇති බව පොලිසිය සදහන් කරයි.
තම පුත්‍රයා රැගෙන යාමට බව පවසා මොහු පාසලට බලහත්කාරයෙන් ඇතුලුවී ඇති අතර , එම අවස්ථාවේ අදාළ පුද්ගලයා සහ හමුදා සෙබළා අතර බහින්බස්වීමක් සිදුව තිබේ.

පසුව මොහු හමුදා සෙබළාගේ ගිනි අවිය පැහැරගැනීමට උත්සහ කිරීමේදී අදාල වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 39 හැවිරිදි පුද්ගලයෙක්.