(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දෙමළ භාෂාවෙන් වැඩ කළ හැකි නිලධාරීන්ගේ හිඟයට පිළියමක් ලෙස උතුරු සහ නැඟෙනහිර පළාත්වලින් වැඩි වශයෙන් පොලීසියට නිලධාරීන් බඳවාගැනීමට තීරණය කර ඇති බව පොලිස් පිරිස් පාලන අංශයේ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා සඳහන් කළේය.
එහි මුල් පියවර ලෙස උතුරු සහ නැඟෙනහිර පළාත්වලින් 300ක් පොලිස් කොස්තාපල්වරුන් ලෙස බඳවාගැනීමට අයදුම්පත් කැඳවූ බව එ මහතා පැවසීය.
ඒ අනුව කාන්තාවන්ගෙන් ප්‍රමාණවත් අයදුම්පත් සංඛ්‍යාවක් ලැබුණහොත් කොස්තාපල්වරියන් ලෙස කාන්තාවන් 200 ක් බඳවා ගැනීමටද පියවර ගන්නා බවද ඒ මහතා කීය.








