FAST NEWS

24×7 Around the Globe

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගය පිළිබඳ පෙත්සම කල් තැබේ

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න ගොනු කළ පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවට නීතිපතිවරයා විසින් මතු කර තිබෙන මූලික විරෝධතාව පිළිබඳව වැඩිදුර කරුණු දැක්වීම හෙට (05) දිනට කල් තැබීමට අභියාචනාධිකරණය විනිසුරු මඬුල්ල අද (04) නියම කළ බව අප අධිකරණ වාර්තාකරු පවසයි.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, දීපාලි විජේසුන්දර, අචල වෙංගප්පූලි සහ අර්ජුන ඔබේසේකර යන පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ අදාළ පෙත්සම අද (04) දිනයේ කැඳවු අවස්ථාවේ මෙම කල් තැබිම සිදු කෙරුණි.

මෙම පෙත්සම හරහා ජනාධිපතිවරයාගේ නිල කටයුත්තක් ප්‍රශ්න කිරීමකට බඳුන් කර ඇති බැවින් එය විභාග කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 35 වන වගන්තිය යටතේ අධිකරණයට බලයක් නොමැති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පුල්ලේ මහතා කරුණු පෙන්වා දී තිබේ.